Friday, January 27, 2017

Avast Virus Guard Free Download

Tags

වසරක් පුරාවට නොමිලේම පාවිච්චි කරන්න Avast Virus Guard එක මෙන්න ඔයාලා හැමෝටම.


  ඔයාලට ගොඩක් වැදගත් Antivirus Software එකක් වන Avast  Software එක නොමිලේම Download කරගෙන වසරක් පුරාවට නොමිලේම පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි බලමු. මේ Software එක ආකාර දෙකකට Download කරලා install කරගන්න පුලුවන්.

  පළවෙනි ක්‍රමය තමයි Avast  නිල වෙබ් අඩවියෙන් Avast Software එක Download කරගෙන install කරන එක. මෙහිදී Software එක Download කිරීමට යොදාගන්නා File එකක් මුලින් Download වන අතර ඒ මත Double Click කිරීම මගින් පරිගණකයට Avast Virus Guard එක install කරගන්න පුලුවන්. මෙහිදී Software එක install කරන පරිගණකයේ Internet සම්බන්ධතාවය තිබිය යුතු වේ.

මෙතනින් Avast  නිල වෙබ් අඩවියෙන් Avast Software එක Download කරගන්න.

Software Download


  දෙවැනි ක්‍රමය තමයි Avast Software එකේ Full Setup File එක Download කරගෙන පරිගණකයට install කිරීම. මෙහිදී Software එක install කිරීම සදහා Internet  සම්බන්ධතාවය අවශ්‍ය නොවේ. මෙහි ඇති තවත් වාසියක්නම් පරිගණක කිහිපයකට උවද මෙම Download කරගත් Setup File එක install කිරීමට හැකිවීමයි.


මෙතනින් Avast Software එකේ Full Setup File එක Download කරගන්න.



Avast Software එක පලමුව install කිරීමෙන් අනතුරුව ඔබට දවස් 30ක කාලයක් සදහා පමණක් නොමිලේ භාවිතා කිරීමට හැකි අතර එය වසරක් පුරාවට නොමිලේම පාවිච්චි කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න.

පලමුව ඔබේ පරිගණකයට Internet  සම්බන්ධතාවය ලබාදෙන්න.
  
ඉන්පසු පරිගණකයේ Desktop එක මත ඇති Avast icon එක මත Double Click කර Avast Software එක Open කරගන්න.

දැන් එහි Setting වෙත යන්න. 


ඉන්පසු  Registration මත Click කරන්න. දැන් Register now  මත Click කරන්න. 



එවිට එන Dialog Box එකේ Standard Protection යටතේ පහල ඇති Select මත Click කරන්න.


එවිට නැවතත් Dialog Box එකක් පැමිනෙන අතර එහි ඔබ කැමති Email Address එකක් ලබාදී Register මත Click කරන්න.



ඉන්පසු පැමිනෙන Dialog Box එකේ No thanks ලබාදී Ok කරන්න. එවිට ඔබට වසරක් පුරාවට Avast Virus Guard එක නොමිලේම භාවිතා කරන්න පුලුවන්.



පහත Video එක නැරබීම මගින් මෙය සිදුකරන ආකාරය පැහැදිලිව අවබෝධ කරගන්න පුලුවන්.


විශේෂයෙන්ම කිවයුතු කරුනක් වනුයේ කුමන ආකාරයේ Virus Guard එකක් භාවිතා කලත් ඔබ නිසියාකාරව එය භාවිතා නොකරන්නේනම් සහ Update නොකරන්නේනම් ඔබේ පරිගණකය  Virus ආසාදනය වීමෙන් ගලවා ගැනීමට ඔබට අපහසුවනු ඇත.

ඔයාලට මේ පිලිබද ගැටලුවක් තිබේනම් පහතින් Comment කරන්න.

Facebook Page එකට Like කරන්න අමතක කරන්නෙපා.