Saturday, January 21, 2017

VLC (Media) Player Sinhala Subtitle Configuration

Tags

VLC  Player එකේ සිංහල උපසිරැසි බලන්නේ මෙහෙමයි.

ඔන්න යාලුවනේ ඔයාලා films බලනවානම්  ඔයාලට මේ post එක ගොඩක් වැදගත් වේවි.

අපේ රටේ ගොඩක් දෙනෙක් films බලන්න පාවිච්චි කරන්නෙ km player එක. ඒකට හේතුව තමයි සිංහල subtitle ගැටලුවක් නැතුව වැඩකරන එක. නමුත් km player එක වැඩකරනවිට පරිගණකය මන්දගාමීවීම පරිගණකය වැඩි වෙහෙසකට පත්වීම සිදුවේ. මෙයට හේතුව km player එක මගින් පරිගණකයේ graphic memory මෙන්ම ram එකෙන්ද වැඩි කොටසක් ලබාගැනීමයි. මෙමගින් පරිගණකය (විශේෂයෙන් laptop පරිගණක)  වැඩි වශයෙන් රත්වීමකටද    ලක්වේ.

නමුත් VLC (Media) Player එක පරිගණකයේ ක්‍රියාත්මක වීමේදී මෙවැනි අහිතකර තත්වයන් ඇති නොකරයි. නමුත්  film බලන වැඩි දෙනෙක් VLC Player එක භාවිතා නොකිරීමට හේතුව තමයි එහි නිසියාකාරව සිංහල  subtitle වැඩ නොකිරීම. අපි බලමු VLC Player එක කොහොමද සිංහල subtitle වැඩකරන ආකාරයට සකස්කරගන්නෙ කියලා.

මුලින්ම ඔයාලා මෙතනින් VLC (Media) Player එක download කරගන්න. 

ඉන්පසුව download කරගත් setup file එක install කරගන්න. 
දැන් VLC Player එක open කරගන්න.
Player එකේ tool වෙත ගොස් preferences තෝරන්න.


දැන් ඔයාලට dialog box එකක් දකින්න ලැබේවි. එහි පහල වම් කෙලවරේ ඇති Show Settings යටතේ ඇති All තෝරන්න. ඉන්පසු වම්පස Subtitles / OSD මත Click කරන්න.


ඊලගට Show Settings යටතේ ඇති Simple තෝරන්න.
දැන් Subtitles / OSD තෝරා Default encoding එක UTF-8 ලෙස තෝරා font එක Iskoola Pota ලෙස තෝරා Save කරන්න.



ඔයාලා Iskoola Pota font එක install කරලා නැත්නම් මෙතනින් download කරගන්න සිංහල font රාශියක්ම මෙතනින් එකවර download කරගන්න පුලුවන්.
     Download Fonts   
පහත Video එක නැරඹීම මගින් මෙය සිදුකරන ආකාරය පැහැදිලිව අවබෝධ කරගන්න පුලුවන්.

      

පහත Video එක නැරඹීම මගින් VLC 2.2.4 අලුත් Version එකේ සිංහල subtitle නරඹන ආකාරය  අවබෝධ කරගන්න පුලුවන්.


Facebook Page එකට Like කරගන්න අමතක කරන්න එපා.


5 comments

ඔයාලට මේ පිලිබද ගැටලුවක් තිබේනම් පහතින් Comment කරගන්න....

Iskoola Pota font eka Downl karanne kohomada

meke download font abuvata file ekak download vennane